ජාතික ලැයිස්තු නම් කිරීම : එජාපයේ නම තවමත් නැහැ – රතන හිමි අධිකරණයට

20

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත අද යොමු කළා.
ඒ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින්.
ඒ අනුව, රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් මන්ත්‍රී ධූර 7 සඳහා නම් කර තිබෙනවා.
සියලුම දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හෙට දිනය වන විට ලබා දෙන ලෙසයි මැතිවණ කොමිසන් සභාව සියලුම දේශපාලන පක්ෂවලින් මේ වන විට ඉල්ලීමක් කර ඇත්තේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂය ජාතික ලැයිස්තුව සඳහා මෙතෙක් මන්ත්‍රීවරුන් නම් කර නැහැ.
අපේ ජනබල පක්ෂය තුළ ජාතික ලැයිස්ත මන්ත්‍රී ධූරය සඳහා මේ වන විට හටගෙන ඇත්තේ දැඩි අර්බුධකාරී තත්ත්වයක්.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තමන් වහන්සේට හිමිවිය යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ධූරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ දිනයේ නම් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17ක් හිමි වුණා.
මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ නම් මැතිවරණ කොමිසම වෙත භාර දීමටයි එම පෙරමුණ කටයුතු කළේ.

Your Comments