ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදයි

27

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය අදට යෙදී තිබෙනවා. දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ ගැටළු පිළිබඳ අවධානය යොමු කරමිනුයි එම දිනය සැමරෙන්නේ.

ඒ නිමිත්තෙන් සමාජසේවා දෙපාර්තමේන්තුව සහ දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන අරමුදල සංවිධාන කරන ජාතික සැමරුම් උත්සවය බත්තරමුල්ලේදී අද පෙරවරුවේ ආරම්භ වුණා.

එහි පූර්වාංගයක් ලෙස දෘෂ්‍යාබාධිත පුද්ගලයන් 400 කගේ පමණ සහභාගිත්වයෙන් බත්තරමුල්ල දියත උද්‍යානයේ සිට සුහුරුපාය දක්වා සුදු සැරයටි පා ගමනක්ද සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් ජනක දේශප්‍රිය මහතා කියා සිටියේ දෘෂ්‍යාබාධිතයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන බවයි.

Your Comments