ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ – ප්‍රදේශ රැසකට අදත් වැසි

19

පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය, තබ්බෝව සහ දැදුරු ඔය ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කර ඇති අතර දැදුරු ඔය ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු සංඛ්‍යාව 4 ක්.

මේ හේතුවෙන් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.

මේ අතර, බස්නාහිර සබරගමුව සහ උතුර පළාත් වලත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ දිවයිනේ පවතින කාළගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා.

Your Comments