ජලාශයට පැන්න තරුණිය බේරා ගැනිමට ගිය දෙදරු පියා අතුරුදන් – පොලිස් ස්ථානාධිපති තරුණිය බේරා ගනී (PHOTOs)

132

ඉහල කොත්මලේ ජලාශයට පැන්නේ යැයි කියැවෙන තරුණියක් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා විසින් බේරාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තරුණියක් ජලාශයට පනිනි දුටු දෙදරු පියෙකු ඇය බෙර ගැනීමට ජලාශයට පැන්නද ඔහු අතරුදන්ව ඇති බවයි පැවසෙන්නේ.

ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම අසලින් අවුරුදු 22ක් පමණ තරුණිය ජලාශයට පැන ඇති අතර ඒ බව දුටු දුම්රිය පාලම අසල පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක් තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන තිබුණා.

ජලාශය මධ්‍යයේ සිටි තරුණිය වෙත පීනා ගිය දෙදරු පියා තරුණිය ට ළගා විමත් සමග තරුණිය දෙදරු පියා සමග ජලාශයේ අතුරුදන්ව තිබෙනවා.

කෙසේ වෙතත් ටික වෙලාවකින් තරුණිය ජලාශයෙන් මතුවීමත් සමග තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජලාශයට පැන තරුණිය බේරාගෙන තිබුණේ පොලිසියේ අනෙකුත් නිලධාරින් විසින් ලබා දුන් කඹයක සහ ටියුබයක ආධාරයෙන්.

තරුණිය ළිඳුල රෝහල ට ඇතුලත් කෙරුණා.
.
තරුණිය බේරා ගැනීමට ඉදිරිපත් ව අත්රුදන් වූ දෙදරු පියා සොයා පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් ජලාශයේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටමද ඉහල ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments