ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ 11ක් T.I.D වෙත

3

ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් නැමැති තහනම් සංවිධානයේ සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.

අම්පාර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් මෙම පිරිසගෙන් රැදවුම් නියෝග මතයි ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබුවේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඊයේ මෙම පිරිස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දුන් බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පිරිස දින 90ක රැදවුම් නියෝග මත විමර්ශන සිදු කෙරෙනවා.

Your Comments