ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂාවක් දෙන්න ජනපති සුදානම්

7

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා
ඒ ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී යි
ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත්කර තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් එක් අපේක්ෂකයකු සදහා පවත්වාගෙන යා හැකි වනුයේ කාර්යාල වර්ග 04 ක් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින්.

Your Comments