ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගැනීම අද – ආරක්ෂාවට පොලීසියෙන් 1, 700 ක්
රාජගිරිය අවට විශේෂ රථවාහන සැලැස්මක්. - ඒ අවට පාසල් කිහිපයකුත් වසා දැමේ

14

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද දිනයේදී සිදු කෙරෙනවා.

ඒ අනුව නාම යෝජනා භාර ගැනීම පෙරවරු 09 සිට පෙරවරු 11 දක්වා රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත අතර ඉන්පසු විරෝධතා දැක්වීමට ද අවස්ථාව හිමිවනවා.

ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් පස්දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මේ අතර, නාම යෝජනා භාරදීම හේතුවෙන් අද දිනයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාශ 03ක සියළු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03ක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශවල සියළුම පාසල් අද දිනයේ වසා තැබෙනු ඇති.

ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ද මෙලෙස වසා තැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර, නාම යෝජනා භාර දෙන අද දිනයේ දී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියා.

මේ වැඩිදුරටත් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියා.

Your Comments