ජනපති යළි දිවයිනට

87

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඉතාලියේ සහ ජෝර්ජියාවේ සිදු කළ සංචාරය නිමා කර අද යළි දිවයිනට පැමිණියා.

පෙරවරු 9.45 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වූ බවයි NEWS24 ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

ජනාධිපතිවරයා සහ එම දූත පිරිස පසුගිය 14 වනදායි අදාළ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබුණේ.

එහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන හයවන ලෝක වනාන්තර සති සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා එක් වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 16 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ද ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපතිවරයා ජෝර්ජියාවේ තෙදින නිල සංචාරයකට ද එක් වුණා.

එහිදී එරට ජනාධිපතිවරයා සමග ද මෛත්‍රීපාල සිරිසේන මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

Your Comments