ජනපති ඉන්දියාවට

16

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළා.

ජනපති ධූරයේ කටයුතු භාරගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයයි.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස දෙදින රාජ්‍ය සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයකින්.

ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටින පිරිස පහක්.

ඒ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, ජනාධිපතිවරයාගේ උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන්.

ජනාධිපතිවරයා, සිය සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද් යන මහත්වරුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Your Comments