“ජනපති අපේක්ෂක සජිත් – අගමැති රනිල් සහ කතානායක කරූගේ යෝජනා ස්ථීරත්වයෙන්”

184

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන බව ආමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ දැන් මාතර පැවැත්වෙන ජන හමුව අමතමින්.

ජන රැළිය පැවැත්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින්.

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවත්වෙන රැළිය සංවිධාන කළේ ජනතාවගේ හා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ඉල්ලීම් මත බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

මංගල සමරවීර මහතා රැළිය අමතමින් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ යෝජානාවෙන් සහ කරු ජයසූරිය මහතාගේ ස්ථීරත්වයෙන් බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර සඳහන් කර තිබුණේ තමන් ජනාධිපතිවරණය ට ඉදිරිපත්වන බවයි.

Your Comments