ජනපති අද එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතයි

21

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේ ඇමතීමට නියමිතයි.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටාගේ විශේෂ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සමුළුවට එක් වන්නේ.
පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත්වෙනවා.
එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම අද ආරම්භ කෙරෙන අතර, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකුද සමුළුවට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
සිය සිවු දින කෙන්යා නිල සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා ද හමු වනවා.

Your Comments