ජනපති අතින් අද ජනතා අයිතියට පත්වූ ලග්ගල නව හරිත නගරයේ රෝහල සහ පාසල

30

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරයේ ඇති පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ආණ්ඩුකාරවරුන්, පලාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළ විශාල පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


මේ අතර ලග්ගල නව හරිත නගරයේ ප්‍රාදේශීය රෝහල ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා.


Your Comments