ජනපතිවරණ ගැසටය බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

20

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇති බව සදහන් .

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපතිවරයා පසුගිය 2015 වසරේ ජනවාරි 8 වන දා පැවති ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවයි.

එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු පසු ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත්, නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 7 වනදා සිදුකිරීමට නියමිත බවත් ඔහු කියා සිටිනවා.

ඒ අනුව මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ලබන 07 වනදා නාමයෝජනා පත්‍ර භාර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments