ජනපතිගේ පෞද්ගලික ලේකම්ට අධිචෝදනා

50

ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවකට අදාලව කොළඹ මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද අධිචෝදනා කියවා දී තිබෙනවා.
ජනක රණවක මහතා කෝට්ටේ නගරාධිපති ධූරය දැරූ සමයේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කල මධුර විතානගේ මහතා භාරයේ තිබූ පරිඝණයකට නීතිවිරෝධී ලෙස ප්‍රවේශවීමේ සිද්ධියකට අදාලවයි 2013 වසරේදී නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණේ.
ප්‍රධාන චෝදනාව ඇතුලු අධි චෝදනා 3 ක් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොණු කල බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
මෙම නඩුවේ අනෙක් විත්තිකරු වන්නේ කෝට්ටේ නගර සභාවේ පරිඝණක ක්‍රියාකරු ලෙස කටයුතු කල අයෙක්.

Your Comments