ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්

33

පවත්නා නීතියට අනුව මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්නවරුන් වෙත ලබා දී තිබෙනවා.
ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
අග්‍රාමාත්‍යවරයාට  සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් මේ වන විට අතුරු තහනම් නියේගයක් නිකුත් කර තිබෙනවා.
එවැනි අවස්ථාවක පවත්නා නීතියට අනුව මහජන සේවාවන් බාධාවකින් තොරව ඉටු කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ.
පවතින තත්ත්වය තුළ ජාතික ආරක්ෂාව සහ සාමය නිසි පරිදි පවත්වාගෙන යන ලෙස ද මේ වන විටත් ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

 

Your Comments