ඡන්දය දෙන හැටි කොමිසමේ සභාපතිගෙන් පැහැදිලි කිරීමක්

23

පවතින වැසි හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.
අදාළ බෙදා හැරීම් කටයුතු සඳහා තැපැල් සේවකයින්ට වැසි කබා ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්ද කළ බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඡන්ද දායකයෙකුට ලබන මස 9 වැනිදා වනවිට සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේ නම් සිය ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට හෝ උප තැපැල් කාර්යාලයට ගොස් එය ලබාගත හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා
මේ අතර ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව රාජ්‍ය සේවකයින්ට හෙට දිනයේ හිමි වනවා.
මේ අතර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් ඡන්දය සළකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලි කිරීමක් කළා.
අදාල උපදෙස් නිවැරදිව අනුගමනය කරන ලෙසයි මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේ.

Your Comments