ඡන්දය කල් යයිද ? තීරණය අද

29

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ රට තුළ පවතින තත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ඒ මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතරයි.
මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ කොවිඞ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්තවීමත් සමග මහ මැතිවරණයට එය කුමන අයුරින් බලපාන්නේදැයි මෙහිදී සාකච්ඡා කරන බවයි.
මහ මැතිවරණය කල් දැමීම සුදුසු බවට ඇතැම් පාර්ශව දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් ද මෙහිදී සැළකිල්ලට ගනු ඇති.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත මැතිවරණ කටයුතු සංවිධාන කෙරෙන බවයි මැතිවරණ කොමිසම පසුගියදා සඳහන් කළේ.
ඡන්ද රාජකාරි සඳහා අනුයුක්ත කෙරෙන නිළධාරීන් සහ ඡන්ද දායකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.
මේ අතර, නාම යෝජනා භාර දෙන විට ඒ අවට පෙළපාලි හා රැළි නොපවත්වන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා.
නාම යෝජනා භාර දීමට අවම නියෝජිතයන් පිරිසක් රැගෙන එන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා.

Your Comments