ඡන්දයට, 2 වන සහ 3 වන මනාප ලකුණු කිරීමට සැරසෙමු !

18

ඉදිරි ජනාධිපතිවරණයේදී 2 වන සහ 3 වන මනාප සළකුණු කිරීම සඳහා ඡන්ද දායකයන් පෙළඹවීමේ දැනුවත් කිරීම් වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීම කෙරෙහි මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අවධානය යොමුවී තිබෙනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මැතිවරණ කොමිසමද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණයකදී කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50ක ඡන්ද අගයක් අභිබවා යාමට නොහැකි වුවහොත් දෙවන මනාපය ගණන් ගැනීමට සිදුවනවා.

එහෙත් මෙතෙක් පැවති කිසිදු ජනාධිපතිවරණයකදී එය අවශ්‍ය වූයේ නැහැ.

කෙසේවෙතත් පවතින දේශපාලන වාතාවරණය හමුවේ 2 වන සහ 3 වන මනාප සළකුණු කිරීම සඳහා ඡන්ද දායකයන් දැනුවත් කිරීම වැදගත් බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැර අනෙකුත් අපේක්ෂකයන් එක්ව ඡන්ද ලක්ෂ 5 කට වැඩි සංඛ්‍යාවක් ලබාගත හොත් දෙවන මනාපය ගණන් කිරීමට සිදුවනු ඇති බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ.

Your Comments