චීනය හා ශ‍්‍රී ලංකාව ආරක්ෂාව ගැන සාකච්ඡාවක

5

ආරක්ෂක සම්බන්ධතා වැඩි දියුණු කරගැනීම සම්බන්ධයෙන් චීනය හා ශ‍්‍රී ලංකාව අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ෂූ ජියැන්වෙල් හා යුධ හමුදාපති ලු‍තිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර, මෙම සාකච්ඡාව පැවැති බවයි වාර්තා වන්නේ.

එහිදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම ද ඊට අයත්.

එමෙන්ම ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරිම පිළිබඳව ද අදහස් හුවමාරු වූ බවයි යුධ හමුදාව කියා සිටියේ.

Your Comments