ඝාතකයෙකුට මරණ දඩුවම

13

පුද්ගල ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරද කර වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද මරණ දඩුවම් නියම කර තිබෙනවා.
මෙලෙස මරණ දඩුවම නියම වී ඇත්තේ කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි තිදරු පියෙකුට බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
2000 ජනවාරි මස 22 දා එම ප්‍රදේශයේ ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.
ඉන් එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ මහාධිකරණ විනිසුරුවරයා අනෙක් විත්තිකරු වරදකරු කරන බවට තීන්දු කරමින් මෙම මරණ දඩුවම ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

Your Comments