ගෝනගං ආරේ වෙඩි තැබීමක් – අයෙක් රෝහලට – සැකකරුවන් අත්අඩංගුවට

9

ගෝනගංආර 17 කණුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද(15) අලුයම 1.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. ගෝනගංආර පොලිසියට ලද පණිවුඩයක් අනුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල සිරිගල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ බුත්තල, වගුරුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලියෙකි.
වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක්ද සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් බුත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments