ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට

30

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා.
ඒ, ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහායි.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම නඩුව නඩුව අද සිට දිනපතා විභාගයට ගැණෙනු ඇති.

Your Comments