“ගෝඨාභය ගැන ෆොන්සේකාගෙන් නිවැරදි සහතිකයක්”

31

ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලා.

ඒ අද කොලඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට වගකිව යුතු බලවේගවලින් ගෝඨාභය රාජපක්ෂ මහතාව මුදා ගත යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළා.

ඒ අද කොළඹ පැවති ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ හමුවකට එක් වෙමින්.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ සරත් ෆොන්සේකා මහතා කුමන ප්‍රකාශයක් සිදු කළ ද මෙතෙක් ඔහු තම පක්ෂය සමඟ දේශපාලන එකඟතාවයකට පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා අද අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ කුමන මතයක් දැරුව ද සරත් ෆොන්සේකා මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදව නිවැරදි සහතිකයක් ලබා දී ඇති බවයි.

Your Comments