ගෝඨාභයට එරෙහි තවත් අසත්‍ය විඩියෝවක් ගැන ඩලස්ගෙන් හෙලිදරව්වක්

11

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන අද දිනයේ තවත් අසත්‍ය ප්‍රචාර ඇතුළත් වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හැරීමට නියමිත බවට තොරතුරු ලැබී ඇතැයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය සිදුකළා.
මේ අතර, එම කාර්යාලයේ තවත් මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත නීතිඥ සංගමය විසින්.
එහි සාමාජික නීතිඥ ජයන්ත වීරසිංහ මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොපවතින බවයි.

Your Comments