ගෝඨාභයගේ නඩුව කල් තැබෙයි

19

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

නඩුව විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් නඩු විභාගය සැප්තැම්බර් 20 වනදා දක්වා කල්තැබීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර ඇත්තේ.

අල්ලස් කොමිසම විසින්  නඩුව පවරා තිබෙනවා.

Your Comments