ගෙවත්තකින් අත්බෝම්බ පහක් හමුවෙයි
මාධව කුලසූරිය - වවුනියාව

20

වවුනියාව, වේලන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්අබෝම්බ පහක් ඊයේ(11) සවස සොයාගත් බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ ගෙහිමියා ගෙවත්ත සකස් කරන අවස්ථාවක ගෙවත්ත සීමාවේ තිබි අදාළ අත්බෝම්බ දැක පොලිසිය දැනුවත් කර ඇති බවයි.

අනතුරුව පොලිසිය ගොස් අදාළ ස්ථානයේ තිබු අත්බෝම්බ ලබාගත් අතර, වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ බෝම්බ නිෂ්ක්‍රිය කිරීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය වෙත ලබාදුන් බවයි පොලිසිය කියා සිටියේ.

පසුගිය යුද සමයේ LTTE සංවිධානය දමාගිය බෝම්බ ‍එලෙස හමුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Your Comments