ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නොදමන බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි

23

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසනවා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් ඉහළ නැංවිමේ සුදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් පාර්ශව විසින් විවිධ ප්‍රචාර සිදුකරමින් සිටින බවයි එම අධිකාරිය කියා සිටියේ.
කෙසේ වෙතත් එලෙස මිල ඉහළ නැංවිමක් සිදු නොකරන බවත් එම ප්‍රචාර සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් පාරිභොගික සේවා අධිකාරිය සදහන් කලා.
මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලිමක් සිදුකර නොමැති බව ද එම අධිකාරිය පෙන්වා දෙනවා.

Your Comments