ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන 10කින් ලක්ෂ 90ක හිඟයක්
පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි

9

ගුවන් සේවා සැපයීම වෙනුවෙන් ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන 10කින් රුපියල් 90 ලක්ෂ 61 දහස් 400ක පමණ මුදලක් අයවිය යුතු බව අද[19] පාර්ලිමේන්තුවේ දී අනාවරණ වූණා.
මෙම හිග මුදල් 2003 වර්ෂයේ සිට විවිධ කාල සීමාවන් තුළ අය විය යුතු ඒවා බවයි රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එම ගිග මුදල් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවලට ගැටලුවක් පවතින බවයි.

මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා රුපියල් ලක්ෂ 183ක සුපිරි මෝටර් රථයක් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ද නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.
මේ ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඩපට සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
රංජන් රාමනායක සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් සංවාදයට එක් වුණා.

Your Comments