ගුවන් පථයක් ආසන්නයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක්
මාධව කුලසූරිය - වවුනියාව

37

මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පවතින ගුවන් පථය ආසන්නයේ තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ආරක්ෂක අංශ වෙත ලද තොරතුරක් මත අදාළ බෝම්බ තොගය සොයාගත් බවයි.
කාලතුවක්කු උණ්ඩ 04 ක්, මෝටාර් උණ්ඩයක්, අත්බෝම්බ 2ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගත් බව සඳහන්.
පුපුරණ ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබෙනවා.

 

Your Comments