ගුරු සංගම් යළිත් වර්ජනයකට සුදානම්

35

එළඹෙන 16 වැනිදා සිට ගුරු – විදුහල්පතිවරු තෙදින වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ වැටුප් විෂමතා ඉවත් කිරීම, විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සමඟ ඒකාබද්ධව සිටින බවයි ඔහු කියා සිටියේ.
මෙම ඉල්ලිම් මුල් කර ගනිමින් ඔවුන් පසුගිය 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.
පසුගිය 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්ද දියත් කලත් මෙතෙක් විසදුමක් හිමි නොවු බවයි මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.

Your Comments