ගිලන් රථයක් අඩි 150ක ප්‍රපාතයකට ‌යයි – දෙදෙනෙකු ට බරපතල තුවාල [PHOTOs]

11

තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ නානුඔය, බංගලාහත ප්‍රදේශයේදී ගිලන් රථයක් අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

අද (27) අලුයම සිදු වූ අනතුරෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කෙරුණා.

නානුඔය පොලීසිය පැවසුවේ ආගරපතන, ඩයගම ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථය අනතුරට ලක්ව ඇති බවයි.

තුවාල ලබා ඇත්තේ ගිලන් රථ රියදුරා හා සහායකයායි.

ඩයගම රෝහලේ සිට රෝගීන් කීප දෙනෙකු රැගෙන නුවරඑළිය මහ රෝහලට ගොස් රෝගීන් භාරදී නැවත ඩයගම දක්වා පැමිණෙමින් සිටියදි ගිලන් රථය අනතුරට ලක්ව තිබෙනවා.

(G.K ක්‍රිෂාන්තන්)

Your Comments