ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

23

ගිනි අවි දෙකක් ළග තබා ගත් සැකකරුවන් දෙදෙනෙකු ඇල්පිටිය – මණ්ඩකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබූ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් ඇල්පිටිය සහ කරන්දෙනිය යන ප්‍රදේශවල පදිංචි 34 සහ 41 හැවිරිදි වියේ පසුවන්නන්.
ඔවුන් අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Your Comments