ගිනි අවියක් සහ නීති විරෝධී මත්පැන් සමග තිදෙනෙක් අත්අඩංගුවට
ජයන්ත වීරසේකර - වැල්ලවාය

38

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගෝනගංආර පොලිසිය සමත්ව තිබෙනවා. ඒ බුත්තල, ගෝනගංආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදියි. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් සහ දඩමස් ජාවාරමේ නිරත වන පුද්ගලයන් පිරික් බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා. අලෙවිය සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 25500ක් සහ අගිනි අවිය වැටලීම සිදු කරන අවස්ථාවේ පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගෝනගංආර පොලිසිය ඉදිරි විමර්හන සිදු කරනු ලබනවා. 

 

Your Comments