ගිං පොල් ආරක්ෂා කර අභය භූමියක් ලෙස නම් කිරීමට අවධානය

17

ගිං ගඟ දෙපස ගිං පොල් ශාකය ආරක්ෂා කරමින් එම ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝලවත්ත හරහා ගලා යන ගිං ගඟ දෙපස ගිං පොල් ශාක බහුලව දැකගත හැකි වීම විශේෂත්වයක්.

කඩොලාන ආශ්‍රිත ශාකයක් වන එය ඉවුරු ඛාදනය වැළැක්වීමට මෙන්ම ජලජ පරිසරයේ සතුන්ට මහගු පිටිවහලක් සලසන ශාකයක් ලෙසයි සැලකෙන්නේ.

එම සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පවත්වාගැනීමට ගිං පොල් ශාක සහිත පරිසරය බෙහෙවින් උපකාරීවන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ගිං පොල් ශාකය ආරක්ෂා කරමින් වනාන්තර හා වෘක්ෂලතා අඥාපනතට අනුව මෙම කලාපය අභය භූමියක් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.පී.එස්. චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළා.

Your Comments