ගෑස් මිල වැඩි කරන්නැයි ඉල්ලීමක්

32

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙසට ගෑස් බෙදාහරින සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස ද්විත්වයේ දී ලෝක වෙළඳපොලේ ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 595ක් දක්වා ඉහළගොස් ඇති බව සඳහන්.

එමෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල වශයෙන් අවප්‍රමාණය වීම ද මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් සළකා බැලීමක් සිදු කර නොමැති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

Your Comments