ගැහැණු ළමුන් දෙදෙනෙකු ජල පහරකට ගසා ගෙන යයි

34

ආගරපතන ප්‍රදේශයේ දී ගැහැණු ළමුන් දෙදෙනෙකු ජල පහරකට හසුව ගසා ගෙන ගෙන ගොස් තිබෙනවා.

ඉන් එක දරුවෙකු සොයාගෙන මන්රාසි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනෙක් දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ආගරපතන, ටොරින්ටන් වත්ත මාර්ගයේ බෝක්කුවක් අසළ දී අද (18) පස්වරු 2.30 ට පමණ අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 10 සහ 11 වයසේ එකම පවුලේ දෙදෙනෙක්.

අධික වර්ෂාව හේතුවෙන් ජලය බෝක්කුවෙන් පිටාර ගලමින් පවතින් බැවින් අනතුර සිදුව තිබෙනවා.

Your Comments