ගාල්ලේ දී තරුණියක් පැහැර ගන්නට උත්සාහ කරයි

107

ගාල්ල නගරයේදී තරුණියක් පැහැර ගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ දී සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පැහැර ගැනීමට තැත් කළ තරුණිය බේරා ගැනීමට උත්සාහ කළ අයකු තුවාල ලබා ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

බද්දේගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණිය, යුද හමුදා සෙබලෙකු වන ඇයගේ හිටපු පෙම්වතා විසින් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන යාමට උත්සාහ කර තිබූ බව සඳහන්.

සෙබලා සහ ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලක සිට හිටපු පෙම්වතාගෙන් හිරිහැර සිදුවන බවට තරුණිය විසින් මීට පෙර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

Your Comments