ගාමිණි සෙනරත් ඇතුළු පිරිසකට එරෙහි නඩුවක් අඛණ්ඩව විභාගයට ගැනීමට දින නියම කෙරේ

54

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 29 දා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද තීන්දු කළා.
ඉකුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවන්නේ.
එම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට අදාළව සාක්ෂි කරුවන් පොලිසියට ලබාදුන් ප්‍රකාශ සමඟ ඇතැම් ලේඛන බැඳී පවතින බැවින් මෙම නඩුවට මුහුණදීම සඳහා එම ලේඛන ද තමන් වෙත ලබා දීම අවශ්‍ය වන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ ලේඛන ලබන සිකුරාදාට පෙර විත්ති පාර්ශව වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩු විභාගය ඔක්තෝම්බර් මස 29 සිට දිනපතා සිදු කිරීමට අධිකරණය තීරණය කරනු ලැබුවා.

Your Comments