ගානියාගේ ජංගම දුරකථනය රස පරීක්ෂකට

12

පැහැර ගැනීමට ලක්වූවායැයි පැවසූ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් භාවිත කළ දැනට අධිකරණ භාරයේ ඇති ඇයගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා.
ඒ, ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට අනිද්දා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

Your Comments