ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

61

ග්‍රෑන්ඞ්පාස් – පරාක්‍රම මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි 34 හැවිරිදි  පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ ඊයේ පස්වරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ හිසට තුවාල සිදු වී ඇති බවයි.
පොලිසිය සදහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
 

Your Comments