ගන්දර බැංකු කොල්ලක් – වෙඩි වැදුණු කාන්තාවක් රෝහලට
අනුර ප්‍රේමකුමාර

32

ආයුධ සන්නද්ධව යතුරු පැදි දෙකකින් පැමිණි කොල්ලකරුවන් සිව් දෙනෙකු විසින් ගන්දර, පරවාහැර ප්‍රදේශයේ පිහිටි බැංකුවක් කොල්ලකා තිබෙනවා. පොලිසිය පැවසුවේ මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළඳ පැමිණි කොල්ලකරුවන් සිව් දෙනෙකු විසින් වෙඩි තබා බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් කොල්ලා කා පළාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාවක් මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගන්දර පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

 

Your Comments