ගජමුතු සමග දෙදෙනෙකු මහනුවර දී අත්අඩංගුවට

57

ගජමුතු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේදී අතඅඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිළධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මිලි ග්‍රැම් 5030ක් පමණ බර ගජමුතු එකක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගොල්ල, උකුවෙල හා අම්පිටිය යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් තිදෙනෙක්.
ඔවුන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments