ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක
බොහෝ ප්‍රදේශවලට අද පස්වරු කාලයේත් ගිගුරුම් සහිත වැසි

28

පැවැති දැඩි වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ හේතුවෙන් ගංගා දෙපල ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයන් පසුවිය යුතු බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ.

අයහපත් කාළගුණය හේතුවෙන් පූර්ණ නිවාස හානි 39ක් ද වාර්තා වී ඇති බවයි හෙතෙම කියා සිටියේ.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට සුදුසු කාලගුණික තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය සදහන් කළේ.

මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල පාසල් අද සහ හෙට යන දෙදින ද වසා තැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසනවා.

බොහෝ මාර්ග ජලයෙන් යට වී පැවතීම සහ ඇතැම් පාසල් සුබසාධක මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

Your Comments