ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ වෙඩි ප්‍රහාරය ගැන 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

46

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි එහිදී නියෝග කළේ.
එමෙන්ම වෙඩි තැබීම සිදුකළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

Your Comments