කෝටි 3ක රත්‍රං සමග ලාංකිකයින් 9ක් කටුනායකදී අල්ලයි (PHOTOs)

31

රුපියල් මිලියන 28ක් පමණ වටිනා රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපළ ඒකක නිලධාරීන් විසින්.

එම රත්‍රං තොගය කිලෝ 4කට අධික බරකින් යුක්තයි.

මේ අතර, මිලියන 17කට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් මොවුන් සතුව තිබී රත්‍රං කිලෝ ග්‍රැම් 2කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

Your Comments