කෝටි 11ක මත්කුඩු සමග අත්අඩංගුවට ගත් දෙදෙනා අද CIDයට

38

රුපියල් මිලියන 118 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ සේරුවාවිලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගැනීමටයි එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

සේරුවාවිල – මාවඩිච්චේන ප්‍රදේශයේ මෝලක වී ගෝනි තුළ සඟවා තිබියදී ඊයේ පස්වරුවේ සොයාගත් මෙම හෙරොයින් තොගය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම හෙරොයින් තොගයයි.

කිලෝ 9 යි ග්‍රෑම් 900 ක් පමණ බරැති පාර්සල් 22 ක් එහිදී සොයාගත් තර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 34 සහ 41 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.

Your Comments