කෝටි දෙකහමාරක පමණ රත්‍රං සමඟ දෙදෙනෙකු කටුනායක දී කොටු

26

රුපියල් දෙකෝටි 44 ලක්ෂයකට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත වෙළඳ සංකීර්ණයේ සේවයේ නිරත දංඕවිට සහ රාගම ප්‍රදේශවල පදිංචි 25 සහ 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් රත්‍රං තොගය නීතිවිරෝධී අයුරින් පිට කිරීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම රත්‍රං තොගයේ බර කිලෝ 3යි ග්‍රෑම් 103ක්.

Your Comments