කෝටි තුනක් වටිනා හෙරොයින් තොගයක් සමග පාකිස්ථානුවෙක් කටුනායකදී අත්අඩංගුවට

46

රුපියල් කෝටි 3ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ පාකිස්තාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇති හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 4ක් පමණ වන බව සදහන්.
සැකකරු අද අලුයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බවයි නිව්ස් 24 ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.
38 හැවිරිදි පාකිස්තාන ජාතිකයා රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සූක්ෂම ලෙස සඟවා මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් තිබුණා.

 

Your Comments