කොළඹ පාසල් කිහිපයකට සඳුඳා නිවාඩු

56

කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03ක් ලබන සඳුදා (07) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, ආධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දින ආරක්ෂක හේතු මත එදින පෙ.ව. 07.00 සිට ප.ව. 01.00 දක්වා රාජගිරිය සරණ මාවත ඇතුලු මාර්ග කිහිපයක් වසා තබෙනවා.

ඒ මහලේකම් කාර්යාලයට දේශපාලන පක්ෂ අපේක්ෂකයන් සමඟ පැමිණෙන පක්ෂ ක්‍රියාකාරීන් සඳහා රථවාහන නවතා තැබිම සඳහා රාජගිරිය මංසන්ධිය හා ඒ අවට වෙන් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශ ආශ්‍රිත පාසල් එදින වසා තබන ලෙසයි මහින්ද දේශප්‍රිය මහතා ඉලා තිබුණේ.

ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාසවල සියලු පාසල් ද, ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාල, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය එදින වසා තැබීමට අධ්‍යාපන ලේකම්වරයා විසින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වෙත අනුමැතිය ලබා දී තිබෙනවා.

Your Comments