කොළඹ නගරාධිපතිනියගේ ප්‍රකාශයකින් අරුවක්කාලුවට කසල බැහැර කිරීම අද සිට නවතියි

20

කොළඹ නගරයේ එක්රැස්වන කැළිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම අද සිට අත්හිටුවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
ඒ අරුවක්කාලු කසල අංගනය පිළිබඳ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන්.
ඒ පිළිබදව කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දිමක් සිදුකරමින් අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා තොරතුරු වාර්තා කර තිබෙනවා.
අරුවක්කාලු කසල අංගනය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් නගරාධිපතිනිය පසුගියදා පුවත්පතකට විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.
කැලිකසල ගැටළුව විසඳිමට සිය අමාත්‍යංශය ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව පෙන්වාදෙන නිහාල් රූපසිංහ මහතා කියා සිටියේ කෙරවලපිටිය කසල අංගනය වසා දැමිමෙන් පසුව කොළඹ කැලිකසල ගැටලුව විසඳීමට තිබූ එකම පියවර අරුවක්කාලු කසල අංගනය බවයි.
එවන් තත්ත්වයක් තුළ නගරාධිපතිනියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යංශය දැඩි කනස්සල්ල පලකරන බව ද නිහාල් රූපසිංහ මහතා අදාළ ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙම ගැටළුව පිළීබඳ අද පෙරවරුවේ බලධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්විමට ද නියමිතයි.

Your Comments